මැතිවරණයක් හෝ විශේෂ තීරණයක් ගැසට් මගින් ලගදීම - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, April 12, 2019

මැතිවරණයක් හෝ විශේෂ තීරණයක් ගැසට් මගින් ලගදීම

Image result for maithripala sirisena
ළැඹෙන අප්‍රේල් 15 සඳුදා ජනපතිවරයාගේ විශේෂ තීරණයක් ගැසට් මගින් රට හමුවේ තැබෙන්නට නියමිත බවට ආරංචි පළව තිබේ. එය එළැඹෙන  ජනපතිවරණය විය හැකි බවටද 
දේශපාලන ආරංචි වාර්තා කර තිබේ. 
15 සඳුදා දිනයේ මේ අති විශේෂ ප්‍රවෘත්තිය 


වාර්තා කිරීම සඳහා සූදානමින් සිටින්නැයි  ප්‍රධාන පෙළේ මුද්‍රිත මාධ්‍ය ජාලයකට රජයේ ඉහළ පෙළේ දැනුම්දීමක් කර ඇති බවටද වාර්තා පළ වෙයි.


මේ දිනවල ජනපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රචාරණභිමුඛ හැසිරීම් මගින් වැඩිදුර පෙන්නුම් කරන්නේ ජනපතිවරණයක් කැඳවනු ඇතිය යන්නයි.

මේ අතර ශ්‍රීලනිප හා ශ්‍රිපොජපෙ අතර දිගින් දිගටම විවිධ කරුණු සම්බන්ධයෙන් මතභේද සහිතව සාකච්ඡා පැවැත්වෙන්නේ ඉදිරි ජනපතිවරණයේදී එම සන්ධානයක් පිහිටුවාගැනීමේදී ජනපති අපේක්ෂකයා ගෝඨාද මෛත්‍රිද යන්න නිරාකරණය කරගන්නට බැරිවය.අයවැය ඡන්ද විමසීම වන අවස්ථාව වනවිට මෙය බේරුම් කළ නොහැකිවූ අතර ඒ නිසාම දෙපිල බෙදී ඡන්ද ප්‍රකාශ විය. සඳුදා මෛත්‍රිගේ තීරණය සඵල වුවොත් ජනපතිවරණයද එසේ නොවුනොත් මහමැතිවරණයද කැඳවනු ඇතැයි දේශපාලන ප්‍රවීණයින් අදහස් දක්වා ඇත.
කෙසේ වෙතත් නීතිරීති ප්‍රකාරව ජනපතිවරයාට මහමැතිවරණයක් කැඳවීමට 2020 මාර්තු පසුවිය යුතු අතර ජනපතිවරණයකට නම් බාධාවක් නැත.

නොඑසේ නම් ශ්‍රිලනිපය හා පොදුජනපෙරමුණ අතර පැහැදිලි බෙදීමක හෝ එක්වීමක තීරණයක් ගැන ආරංචිය හෝ එදින පළවනු ඇතැයිද පැවසේ.

No comments:

Post a Comment

Pages