අනූන සිසුවියක වීමයි.
ඇය අධ්‍යාපනයට මෙන්ම ගීත ගායනයට හා සංගීතයට දක්සතා දක්වා ඇති අතර ජාත්‍යන්තර තරග පවා ජයගෙන ඇත. තමන් අමාරුවෙන් නැගී සිටි ආකාරය කියාදෙන ධනාත්මක චින්තනය පාදක කරගත් සංගීතය හා මුසු දේශන මාලාවක් අනාගතයේ පවත්වන්නටත් ඇය සැලසුම් කරයි.
උපතින්ම අත් දෙකක් සහ පාදයක් අහිමිව ඉපිද සිටි ඇය අධ්‍යාපනය ලබා ඉහළට ඒමට වීරීය ගත්තද ඇයට තම එදිනෙදා ජීවන කාර්යන් පවා ඉටු කරගැනීමට නොහැකි පසුබිමක් පැවති අතර තම ආදරණීය දෙමාපියන්ගේ මගපෙන්වීම හා ශක්තිය තුළින් තමන්ට ඉතිරිව තිබූ එකම පාදය අවියක් කර ගනිමින් මින් ඉහත පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 153ක් ලබාගන්නටත් පසුව මෙම ප්‍රතිඵලය ලබාගන්නටත් හැකි විය. සංගීත ගුරුවරියකවූ මවගේ ආභාසය නිසා ඇය සංගීතයටද නැඹුරු විය.
අනාගතයේ ගණකාධිකාරිවරියක වන්නට ඇය බලාපොරොත්තුවන අතර තමා ආ ගමන්මග තමා වැනි අන් අයටද පහසුවෙන් ළඟා කරගත හැකි බව ඇය කියයි.
No comments:
Post a Comment