
මීගමුව පොලිස් වසමේ පදිංචිව සිටි පකිස්ථානයෙන් පිටුවහල් කළ පකිස්ථාන ජාතිකයින් 600 දෙනෙක් ආරක්ෂක හේතුන් මත නිට්ටඹුව පොලිස්වසමේ අහමදියා ප්‍රජා මධ්‍යස්ථානයේ වෙත ගෙනැවිත් ඇති බව වාර්තාවේ.
අදාළ පිරිස පකිස්ථානයේ ඇති යුධමය වාතාවරණය හේතුවෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය හරහා මෙරටට පිටුවහල් කර ඇත.
පසුගිය පාස්කු ඉරිදා දින සිදුවූ පිපීරීම් හේතුවෙන් මෙම පිරිස මීගමුව ප්‍රදේශයේ තාවකාලිකව නවානැන් ගෙන සිටි නිවාසවලින් ඉවත් වන ලෙස අදාළ නිවෙස්වල හිමිකරුවන් පවසා ඇති බව කියවේ.
මෙම පිටුවල් කළ පකිස්ථාන ජාතිකයින් සියලු දෙනාගේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශනයක් මතුව ඇති බවට මීගමුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මෙම පිරිස මෙම ස්ථානයට රැගෙනවිත් ඇති බව වාර්තා වෙයි.
මෙම පිරිසගේ නඩත්තුව සඳහා එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් හා පකිස්ථානයෙන් මුදල් ලැබී ඇති බවද වාර්තා වේ.
No comments:
Post a Comment