
පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය තෙවනවර කියවීමේ විවාදය 06වනදා සිට මේ වනතෙක් පැවති අතර අද පස්වරුවේ තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.
ඒ අනුව අයවැය තෙවනවර කියවීම වැඩි ජන්දයෙන් සම්මත වෙයි.
ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විරුද්ධව ඡන්දය දීමටත් දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂවත් ඡන්දය ලබා දීමටත් තීරණය කළේය.
ඒකාබද්ධ විපක්ෂය මෙවර අයවැයට විරුද්ධව ඡන්දය දීමට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අයවැයට ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබීම විශේෂත්වයක් විය.
අවසන් මොහොත වනතුරු එකඟතාවයකට නොපැමිණි නිසා අයවැයට විරුද්ධ නොවීමට මෛත්‍රී හිතවාදී ශ්‍රීලනිප පිල කටයුතු කිරීම කැපී පෙනුණි.
No comments:
Post a Comment