
භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ මැදිහත් වීමෙන් පොළොන්නරුව මනම්පිටියේ පිහිටුවා ඇති වැලි අධිකාරියේ ඒකාධිකාරය හේතුවෙන් මිල පිළිබඳව මාෆියාවක් ඇතිව තිබෙන බව පොළොන්නරුව අරලිය සමූහ ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.හෙතෙම මේ බව කියා සිටියේ ඉකුත්දා පොළොන්නරුවේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
මනම්පිටියෙන් රුපියල් 12,000ට පැටවෙන කියුබ් තුනේ වැලි ටිපරය කොළඹ පළාත්වල ජනතාවට රු. 60,000 වැනි අධික මිලකට අලෙවි කරන බව ඔහු පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වන ඩඩ්ලි සිරිසේන මහතා,මෙහිදී මම විශේෂයෙන්ම කියන්න ඕනෑ ඩීසල් ලීටරය රුපියල් 117ට විතර මිල තියෙද්දීත් කොළඹ ප්‍රදේශයේ මිනිසුන්ට රු. 30,000ක් වැනි සාධාරණ මුදලකට වැලි කියුබ් 3ක් ලබා ගැනීමට පුළුවන්කම තිබුණා. ඒත් අද එකට එකක් මිල වැඩි වෙලා. මේ කරන මහ විනාශයට, වංචාවට භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු ඒ සියලුම නිලධාරීන්, විශේෂයෙන් වගකීම් දරන මනම්පිටි කාර්යාලයේ නිලධාරීන් හා ඉන්ජිනේරුවන් සියලු දෙනාම වගකියන්න ඕනෑ,".
මේ අය මුදල් සොයා ගැනීමට මේ ව්‍යාපාරය වංචා සහගත ලෙස හසුරුවමින් ඔවුන්ගේ අවශ්‍යතා ඉෂ්ට කර ගනිමින් සිටිනවා. මෙවැනි අධික මුදලකට වැලි අලෙවි වෙන්නේ කොළඹ ප්‍රදේශයට විතරක් නෙවෙයි. පොළොන්නරුව ප්‍රදේශය පැන්න වෙලාවේ ඉඳලා මහ විශාල මුදලකට වැලි ටිපර් එකක් විකිණෙනවා. පාරිභෝගිකයා වෙත අධික මිලට වැලි විකිණීම දිනපතා සිදුවන සාමාන්‍ය සිද්ධියක් බවට පත් වෙලා තියෙනවා. ඒක නිසා මා ඉතාමත් වගකීමෙන් රජයේ නිලධාරීගෙන් හා බලධාරීන්ගෙන් මේ වැලි මාෆියාව නැති කරන්න පියවර ගන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් ජනතාව සමඟ එකතු වෙලා මේ සම්බන්ධයෙන් යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න අදහස් කරලා තියෙනවා.
එදා වැලි ගොඩදාපු අය අද රැකියා නැතිව ආදායමක් නැතිව මයික්‍රො ක්‍රෙඩිට් කරන මිනිසුන්ගෙන් ගිනි පොලියට ණය අරගෙන දුකසේ ජීවත් වෙනවා. ඒ මිනිස්සුන්ට මේ ක්‍ෂේත්‍රයේ රැකියා ලබා දුන්නොත් දවසකට රුපියල් දෙතුන් දාහක් විතර හොයා ගන්න පුළුවන්. නමුත් මේ බලධාරීන් ඒක එහෙම කරන්නේ නැතිව තෝරා ගත් සීමිත පිරිසකට වැලි බලපත්‍ර ලබාදීමේ ප්‍රතිඵලයක් ලෙසට තමයි අසීමිත විදියට වැලි මිල ඉහළ ගිහිල්ලා තියෙන්නේ. මේ ප්‍රශ්නය රටේ සංවර්ධනයට වගේම නිවෙසක් හදාගන්න ඉන්න අහිංසක පුද්ගලයකුටත් බලපාන කරුණක් වෙලා තියෙනවා.
කොහොම නමුත් මනම්පිටියේ වැලි මංකඩට දවසකට අනිවාර්යයෙන් ටිපර් 600ට වැඩි ප්‍රමාණයක් වැලි පටවා ගන්න එනවා. ඒ වුණත් පොළොන්නරු දිස්ත්‍රික්කය තුළ ටිපර් 10වත් බාන්නේ නෑ. එදා මනම්පිටියේ වැලි ගොඩදාලා ජීවත් වුණු පිරිසට කිසිම සහනයක් සිදු වෙලා නෑ. මට මේවා ඔප්පු කරන්නත් පුළුවන්. පොළොන්නරුවේ මේ තරම් වැලි ගොඩක් තියාගෙන බලධාරීන් කරන මේ සෙල්ලම වහාම නතර කළ යුතුයි. නැත්නම් මේ කටයුතුවලට විරුද්ධව ජනතාව ඒකරාශි වන දිනය වැඩි අෑතකට යන්නේ නැති වෙයි.
මනම්පිටියේ වැලි සමාගමෙන් වැලි ප්‍රවාහනයට බලපත්‍ර දීලා තියෙන 200 ලිස්ට් එක අරගෙන බැලුවොත් ඒකෙන් 150ක් ඉන්නවා. ඒ බලපත්‍රය රුපියල් 10,000ට විකුණලා ගෙදර යන අය. එතකොට පිටින් එන ටිපර්කාරයා රුපියල් 10,000ක් දීලා බලපත්‍රය අරගෙන රුපියල් 12,000ට වැලි ටිකත් ගන්නකොට රුපියල් 22,000ක් වෙනවා. ඒ මිලට කොළඹට ගෙන ගියත් අද පවතින මිලට වඩා අඩුවෙන් වැලි බාන්න පුළුවන්. අද ඒක සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා වැලි නිෂ්පාදනය වැඩි කරලා මිල පාලනයක් යටතේ රුපියල් 30,000ට වැඩි මිලකට කොළඹ ප්‍රදේශයට වැලි ලබා දෙන්න පුළුවන්. එදා මේ ප්‍රශ්නය ගොඩක් දුර අවුල් වුණේ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ වත්මන් පත් වුණාට පස්සේ. මේ අය කොළඹ සුපිරි බලවතුන්ගේ ටිපර් රථ මනම්පිටියට එවන්න පටන් ගත්ත නිසා. ටිපර් රථ වෙනුවට දුම්රිය යොදා ගන්නත් පුළුවන්. හැබැයි ඒකට දුම්රිය දෙපාර්තමේන්තුවත් බලධාරීන්වත් අවධානය යොමු කරන්නේ නෑ."
මම මේ චෝදනා ප්‍රතික්ෂේප කරනවා
මේ පිළිබඳව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ඩබ්.එම්.ඒ.එස්.ඉද්දවෙල මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ පැවසීය.
වැලිවල සැපයුමට වඩා ඉල්ලුම වැඩි වෙද්දී කෘත්‍රීම මිලක් නිර්මාණය වෙනවා. මෙහිදී අපි වැලි සැපයුම වගේම පරිසරය ගැනත් හිතන්න ඕන. ඒ නිසා අපි එහි සිටින ඉංජිනේරුවන් සහ අනෙකුත් නිලධාරීන්ගේ නිර්දේශ මත තමයි වැලි නිකුත් කරන්නේ. මේ වන විට යක්කල නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. අපි ඒකට වැලි දෙන්නේ රුපියල් 13,500 ක් වැනි මිලකට . මොකද ඒ වැලි ගන්නේ දවස් ගණන් පෝළිමේ ඉඳලා නෙවයෙි. සාමාන්‍යයෙන් කොළඹට ගෙනෙන වැලි ටිපර් එකක් වැලි පැටවීමට දවස් 5ක වගේ කාලයක් පෝළිමේ ඉන්නවා . මේ කාලයේදී ආහාරපාන වලට මුදලක් වැයවෙනවා. කාලය ශ්‍රමය වැනි කරුණු සලකා මනම්පිටියේ වැලි කොළඹට එද්දී පෙරකී මිල නිර්මාණය වී තිබෙනවා.
No comments:
Post a Comment