මෙවර සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වූ අය සියල්ලන්ම සිසුවියන්ය. - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, March 29, 2019

මෙවර සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වූ අය සියල්ලන්ම සිසුවියන්ය.

https://www.gossiplankanews.com/2019/03/ol-best-results-holders.html
මෙවර සාමාන්‍ය පෙළ ඉහළින්ම සමත්වූ අය සියල්ලන්ම සිසුවියන්ය. පළමුවැනියා හා දෙවැනියා දෙදෙනාම කොළඹ විශාඛා බාලිකාවේ සිසුවියන් වීමද විශේෂත්වයකි. දෙවැනි ස්ථාන 3 ක් තිබූ අතර අනෙක් දෙවැනියන් ගම්පහ රත්නාවලි බාලිකාවේ හා මාතර සුජාතාවේ විය.


සා පෙළ පළමු 


ස්තානය දිනාගත් නිලංකා වරුසවිතාන
අද පාසලට පැමිණ ප්‍රතිඵල බලාගත් අවස්ථාවේ තම ජයග්‍රහණය ගැන සතුටු වන බවත් ගුරුවරු උදව් කළ බවත් තමා දිනපතාම පාසල් ආ බවත් කීවාය. හොකී ක්‍රීඩාවේ නිරතවන බවත් බටහිර තූර්යවාදන කන්ඩායමේත් විද්‍යාලයේ කණිෂ්ඨ ශිෂ්‍ය නායක කන්ඩායමේත් කටයුතු කරන බවත් ඉදිරියේදී ඉංජිනේරුවරියක් වන්නට අපේක්ෂා කරන බවත් කීවාය. 
දෙවැනි තැන දිනූ විශාකාවේ සවිති හංසදී කියා සිටියේ පාඩම් කරන දේ එදාම කර නැවත නැවත අභ්‍යාස කළ බවත්ය.අම්මයි තාත්තයි පාසලයි තමා මෙම ජයග්‍රහණයට ස්තූති කරන බවත් සැලසුම් සහගතව වැඩ කරන්න යයි ඇය කීවාය.
සම දෙවැනි තැන දිනූ ගම්පහ රත්නාවලියේ සංජානි දිලේකා
එදා දෙන දේ එදාම පාඩම් කළා. කාලසටහනකට වැඩ කලා. ෙලෙස තම ජයග්‍රහණය විස්තර කළාය.
සම දෙවැනි තැන දිනූ මාතර සුජාතාවේ මින්දි රෙබෙකා තමා මුල් ස්ථාන වලට පැමිණේ යයි අපේක්සා නොකළ බවත් මෙම ජයග්‍රහණය ගැන සතුටු වන බවත් කීවාය.

No comments:

Post a Comment

Pages