වෙඩි වැදුන බෙලිඅත්ත ප්රා දේශීය සභාවේ එජාප මන්ත්රීක හා විපක්ෂ නායක රෝහලේදී මිය යයි - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Saturday, March 23, 2019

වෙඩි වැදුන බෙලිඅත්ත ප්රා දේශීය සභාවේ එජාප මන්ත්රීක හා විපක්ෂ නායක රෝහලේදී මිය යයි


සුගිය බදාදා නිවසේ සිටියදී වෙඩි වැදිමකින් බරපතළ තුවාල ලබාසිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී හා විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන අමරකෝන් මහතා ඊයේ (22) උදෑසන රෝහලේදී මියගිය බව වාර්තාවේ.

බදාදා පෙරවරු 6.15ත් 7.00ත් අතර කාලයේදී 
මන්ත්‍රිවරයාට වෙඩි වැදී තිබුණ අතර වෙඩි වැදී ඇත්තේ දකුණු පාදයටය. වෙඩි ප්‍රහාරය සිදුවන විට මන්ත්‍රිවරයාගේ නිවෙසේ මව, පියා, දරුවන් දෙදෙනා සහ මෙහෙකාර කාන්තාවක පමණක් සිට ඇති අතර නිවෙසේ දොර ජනෙල් විවෘතව තිබි ඇත. මන්ත්‍රිවරයා සිටි කාමරයේ ඇඳ යට තිබී අංක ‍දොළහ වර්ගයේ පතරොම් යොදන ගිනි


අවියක් සහ එම ගිනි අවියට යොදන ජීව පතරොම් හතරක්ද පොලිස් නිලධාරිහු සොයා ගත්හ. 
සොයාගත් ගිනි අවිය දීර්ඝ කාලයක සිට භාවිත කර නොමැති බව පොලිසිය කියයි. මන්ත්‍රිවරයාගේ නිවෙසට පිටත සිට වෙඩි තැබූ බවට කිසිදු සාක්ෂියක් හමුවී නොමැති නමුත් ගෙවත්තේ තිබී රුධිර පැල්ලම් පසුව හමුවීම මත මේ ගැන අභිරහස් තත්වයක් නිර්මාණය විය.
වෙඩි වැදීම නිසා මන්ත්‍රිවරයාගේ පාදයෙන් අධික ලෙස රුධිරය වහනය වෙමින් තිබූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ පොලිස් නිලධාරීහු කියති. 
උදෑසන 7 ට පෙර වෙඩි වැදුණත් මන්ත්‍රීවරයාව රෝහල් ගත කර ඇත්තේ උදේ 8 ට පමණය.තංගල්ල මූලික රෝහලට මුලින් ඇතුළත් කර ඇත. 
බෙලිඅත්ත පල්ලත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි අමරකෝන් මහතා (44) තිදරු පියෙකි. ඔහුගේ පවුලේ ප්‍රශ්න තිබුණ බවක් මෙතෙක් ආරංචිවී නැත.
බෙලිඅත්ත ප්‍රාදේශිය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු වන ඔහු බෙලිඅත්ත පල්ලත්තර ප්‍රදේශයේ පිහිටි නිවසේ කාමරයක් තුළ මෙම වෙඩි වැදීමට ලක්විය.
ඔහු රෝහලට ඇතුළත් කළද මියයනතුරු ප්‍රකාශයක් සටහන් කරගන්නට පොලිසිය අසමත්වීමද ගැටලු කාරීය. මන්ත්‍රීවරයාගේ ඇඳ යට තිබී හසු වූ තුවක්කුව සහ පතරොම් එම ස්ථානයට ආවේ කෙසේද යන්න පිළිබඳව පොලිස් පරික්ෂණ සිදු කරන අතර ඔහු පිටතින් පැමිණි අය මරාදැමුවේද සියදිවි නසාගත්තේද නැතිනම් පවුලේ අය කිසියම් දෙයක් කලේද යන්න තවම අවිනිශ්චිත බව පොලිසිය දන්වා ඇත.

No comments:

Post a Comment

Pages