මතක වස්ත්ර පූජා කර අවසන් ගමන් ගිය මුස්ලිම් සිසුවා - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Tuesday, March 19, 2019

මතක වස්ත්ර පූජා කර අවසන් ගමන් ගිය මුස්ලිම් සිසුවා

සුගිය 15 වැනිදා රාත්‍රි වීරපොකුණ පුවක්ගහකඩවල ප්‍රදේශයේ සිදුවූ යතුරුපැදි අනතුරකින්
වීරපොකුණ විජිත මධ්‍ය මහා විද්‍යාලයඉගෙනුම ලැබූ එම්.එල්. ඩිල්ෂාන් ඛාන් නමැති (17) මුස්ලිම් ජාතික 
සිසුවකු හදිසියේ මියගොස් තිබුනා. පසුගිය අපොස සාපෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්සාවෙන් පසුවූ එම ිසසුවාගේ මරණය ඔහු ඉගෙනුම ලැබූ 

පාසලට කම්පනයක් ඇති කිරීමට සමත් සිදුවීමක් විය.
මේ නිසාම සිසුවාගේ අවසන් කටයුතු කිරීම වෙනුවෙන් විදුහල ඉදිරිපත්ව තිබුණි.

සිසුවාගේ අවසන් කටයුතු කිරීමට එම විද්‍යාලය කටයුතු කර තිබුනේ බෞද්ධ සම්ප්‍රදායන් අනුවයි.
බොදු පිළිවෙතට මුල් තැන දෙමින් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ඩිල්ෂාන්ගේ මෘතදේහයට අවසන් ගෞරව දැක්වීමට  විජිත මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා හා ආචාර්ය මණ්ඩලය කටයුතු
සංවිධානය කොට තිබුණා. ජාති ආගම් භේදයකින් තොරව විශාල පිරිසක් මියගිය
සිසුවාගේ නිසල දේහයට අවසන් ගෞරව පුද කිරීමට පැමිණි බවද වාර්තා විය.

මෘතදේහය අසල මහ සංඝරත්නය හා කිණියම මුස්ලිම් දේවස්ථානයේ මවුලවිතුමන් ඇතුළු අවට
දේවස්ථානවල මවුලවිතුමන්ලා අසුන්වල වැඩ සිටි බවත් දැහැත් ගිලන්පස සහිත මතක වස්ත්‍ර පූජාව හා පැන්
වැඩීම මහා සංඝරත්නය මගින් සිදුකළ බවත් වාර්තා විය.

No comments:

Post a Comment

Pages