
ඔස්ට්‍රේලියානු ත්‍රිවිධ හමුදාවේ දහසක ඒකාබද්ධ කාර්ය බළකායක් සමග යුද නැව් හතරක් සහ ගුවන් යානයක් ලබන සතියේ (23 වැනිදා) එකවර ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ඔවුන් මෙසේ ලංකාවට පැමිණෙන්නේ ශ්‍රී ලංකාව සමග ඒකාබද්ධ යුද පුහුණුවක් සඳහාය.
මේ යටතේ මිසයිල පහසුකම් සහිත නිව්කාස්ටිල් නෞකාවක්, ගුවන් යානා ගොඩ බැස්සවිය හැකි කැන්බරා නෞකාවක් කොළඹ වරායටත් සබ්මැරින් නාශක නෞකාවක් වන පැරමැට්ට්‍රා නෞකාව හා සක්සස් නෞකාව ත්‍රිකුණාමල වරායටත් පැමිණෙන අතරේ ඔස්ට්‍රේලියානු ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළට පැමිණෙන බවත් ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ යුද උපදේශක ගෲප් කපිතාන් ෂෝන් අන්වින් අනාවරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගිතාවේ පියවරක් ලෙස මෙම ආරක්ෂක වැඩසටහන සඳහා ශ්‍රී ලංකාව තෝරාගෙන ඇත්තේ ඉන්දියානු සාගරයේ භූමි පිහිටීම අනුවය.
2016 ඔස්ට්‍රේලියානු ආරක්ෂක ධවල පත්‍රිකාවෙන් ලංකාව වැදගත් රටක් ලෙස හඳුන්වා දී ඇත.
ඔස්ට්‍රේලියානු ත්‍රිවිධ හමුදා කණ්ඩායම් හා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා කණ්ඩායම් සමග මෙහිදී ඒකාබද්ධ පුහුණුවීම් ක්‍රියාකාරකම් පැවත්වීමට නියමිතය. හදිසි ආපදාවලදී වින්දිතයන්ට පිහිටවීම, සමුද්‍රිය ආවේක්ෂණය පිළිබඳ ගුවන්, නාවික පුහුණුවීම් ක්‍රියාත්මක කිරීම, ශ්‍රී ලංකාව සමග සාම සාධක මෙහෙයුම් පැවැත්වීම ගැන සාකච්ඡා කිරීම යන කාරණා ගැන මෙහිදී අවධානය යොමු කර ඇත.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක වැසටහන අවසන්වූ පසු මෙම යුද නැව් ඉන්දියාව, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතය.
No comments:
Post a Comment