නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකදී සිදුවූ ප්‍රහාරය 'ත්‍රස්ත ප්‍රහාරයක්' ලෙස ජාත්‍යන්තර මාධ්‍ය මේවනවිට නම් කර තිබේ - gossip lanka sri news

gossip lanka sri news

gossip lanka sri news

Breaking

Home Top Ad

Friday, March 15, 2019

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකදී සිදුවූ ප්‍රහාරය 'ත්‍රස්ත ප්‍රහාරයක්' ලෙස ජාත්‍යන්තර මාධ්‍ය මේවනවිට නම් කර තිබේ

Image result for new zealand news today
ද නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථාන දෙකකදී සිදුවූ ප්‍රහාරය 'ත්‍රස්ත ප්‍රහාරයක්' ලෙස ජාත්‍යන්තර මාධ්‍ය මේවනවිට නම් කර තිබේ. එය සුදු ජාතික අන්තවාදී (white supremacism) කණ්ඩායමක් සිදු කර තිබීම එයට හේතුවයි. නවසීලන්ත අගමැතිනිය 'අන්තවාදීන්ට' අපේ රටේ මෙන්ම ලෝකයේම ඉඩක් නැහැ මම මේ දේ ගැන කම්පා වෙනවා යනුවෙන් පවසා සිටි අතර ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කියා සිටියේ 
අත්අඩංගුවට පත් අයගෙන් එක් අයෙකු ඕස්ට්‍රේලියානුවකු වීම ගැන කණගාටුවෙනවා. ඔහු නිසැකවම ත්‍රස්තවාදියෙක් "extremist right wing, violent terrorist" ලෙස නම් කළේය.
හෙට දින ක්‍රයිස්චර්ච්හි ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා බස් රථයකින් ගමන් කරමින් සිටි බංගලි දේශ ක්‍රිකට් 

කණ්ඩායම අද දින දහවල් යාඥාව පිණිස දේවස්ථානය වෙත ළඟාවෙමින් සිටි බවත් ඔවුන් බස් රථයෙන් බසින්නට පෙර ඒ ආසන්නයේ සිටියදී වෙඩි හඩ ඇසී උද්‍යානයක් මැදින් දිවගොස් ප්‍රහාරක ස්ථානයෙන් පළා ගිය බවත් පසුව වාර්තා විය.
වෙඩි ප්‍රහාරය සිදුවූ වෙලාවේ බංගලිදේශ ක්‍රීඩකයින් දේවස්ථානයේ සිටියේ නම් මීට වඩා තත්වය දරුණු විය හැකියි. ඔවුන්ට එයින් ගැළවීමට වාසනාව තිබුණා යනුවෙන් ප්‍රකාශකයෙකු දන්වා තිබුණි. සිදුවීම නිසා එම කණ්ඩායම කම්පනයට පත්වූ බවද ට්විටර් පණිවිඩ ඔස්සේ වාර්තා කෙරිණි.කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු අදාළ ක්‍රිකට් තරග අවලංගු කිරීමට බලධාරීන් පියවර ගන්නා ලදි.

ක්‍රයිස්චර්ච් ප්‍රහාරවලින් මේ වනවිට 49 දෙනකු මියගොස් ඇති බව තහවුරු කර තිබේ. තවත් 20 ක් තුවාල ලබා ඇතැයි දන්වා ඇත. පොලිසිය කාර් බොම්බ 2 ක් නිෂ්ක්‍රීය කරන්නට කටයුතු කරන ලදි.
වෙඩි තැබීම් සිද්ධි සිදුවූයේ දහවල් 1.40 ට පමණ එකිනෙක ආසන්න දේවස්ථාන දෙකක් තුළය. අල්නූර් දේවස්ථානයේ ප්‍රහාරය මෙහි මූලිකයා වූ බව කියන ඕස්ට්‍රේලියානු ජාතික 28 හැවිරිදි  Brenton Tarrant විසින්  මිනිත්තු 16 ක් තුළ සිදු කළේය.

ඔහු හිස මත සවිකළ ගෝප්‍රෝ කැමරාවකින් සිය ෆේස් බුක් ගිණුමේ සජීවීව වීඩියෝවකින් මෙම ප්‍රහාරය කාටත් පෙනෙන ලෙස සිදු කළේය ඔහු ඒ සඳහා යොදාගත් අවි වල සුදු පැහැයෙන් සටහන්ව තිබූ වචන වලින් ප්‍රකාශ වූයේ ඉතිහාසයේ මධ්‍යතන යුගයේ Crusades නමැති ක්‍රිස්තියානි ආගමික යුද්ධ වලදී පාවිච්චි කළ මුස්ලිම් විරෝධී යෙදුම්ය. ඔහු දේවස්තානයට යනවිට 

300-500 අතර පිරිසක් එහි සිටි බව කියැවිණි. ඔහු වාහනය පසෙක නවතා ආයුධ රැගෙන ගොස් එහි සිටි අයට වෙඩි තබා නැවත පැමිණ තවත් ආයුධ රැගෙන ගොස් නැවතත් වෙඩි තබන අයුරු  වීඩියෝවේ සටහන් වන අතර ඔහු කිසිදු බාධාවකින් තොරව එම ස්ථානයෙන්  නික්ම යන හැටිද සටහන් වේ.

පොලිසිය පසුව බ්‍රෙන්ටන්ව අත්අඩංගුවට ගෙන තිබේ.
දෙවැනි ප්‍රහාරය ලින්වූඩ් දේවස්ථානයේ සිදු කළේ එක් අයෙකු නොව කණ්ඩායමක් විසින් බව එරට පොලිසිය හඳුනාගෙන තිබේ. එම ප්‍රහාරය අතරතුර පොලිසිය ප්‍රහාරකයින්ට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් මැදිහත්වූ බවද වාර්තා කර ඇත. එම ස්ථානයේ කාර් බෝම්බ 2 ක්ද අටවා තිබූ නමුත් පසුව නිෂ්ක්‍රීය කෙරිණි. ප්‍රහාරයට සම්බන්ධ බවට තිදෙනෙකු එහිදී අත්අඩංගුවට ගැනුණ නමුත් පසුව ප්‍රහාරයට සම්බන්ධ නැති බවට තීරණය කර එක් අයෙකු නිදහස් කර ඇත. දැනට කාන්තාවක හා පිරිමියෙකු පමණක් අත්අඩංගුවේ පසුවේ. ඒ අනුව අද සිදුවූ ප්‍රහාරයේ අත්අඩංගුවට පත් මුළු පිරිස මේ වනවිට 4 ක් නොව 3 කි.

ප්‍රහාරය සිදු කරන්නට මූලිකවූ බ්‍රෙන්ටන් සිය සමාජ මාධ්‍ය ගිණුම්වල මුස්ලිම් විරෝධී විවිධ කරුණු පළ කර ඇති අයෙකි. ඔහු අවසන් වරට පිටු 84 ක ප්‍රකාශනයක්ද පළ කර තිබූ බවත් එහි white genocide conspiracy theory නමැති සුදු ජතික අන්තවාදීන් නිතර තර්ක කරන කරුණු වලට අදාළ සටහන් තිබූ බවත් වාර්තා කර තිබේ.‍
නවසීලන්තයේ මුස්ලිම් ආගමික ස්ථාන 2 ට එල්ලවූ ප්‍රහාරයෙන් පසුව ඇමරිකාවෙ ලොස් ඇන්ජලීස් නුවර ඇති මුස්ලිම් ආගමික ස්ථාන අවට ආරක්ෂාව වැඩි කළ බවද ලොස් ඇන්ජලිස් පොලීසිය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා තිබුණි.
වෙඩි තැබීම හේතුවෙන් හෙට (16) ආරම්භ කිරීමට නියමිතව නවසීලන්ත – බංගලාදේශ තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟය අවලංගු කිරීමට බලධාරීන් තීරණය කර ඇත.

ලෝකයේ සාමකාමීම රටවලින් එක්ක ලෙස සැලකෙන නවසීලන්තයේ අද සිදුවීම අන්දකාරය කරා ගෙන ගිය බව එරට අගමැතිනියද ප්‍රකාශ කර තිබුණි. මින් ඉහත නවසීලන්තයේ මේ ආකාර සමූල ඝාතනයක් සිදුව ඇත්තේ 1943 සිරකඳවුරකදී සිදුවූ ප්‍රහාරයකදීය එහිදී මියගිය ගණනද 49 කි.

No comments:

Post a Comment

Pages